Grade 10 ICT
ICT සිසුනි,
මෙහෙයුම් පද්ධති පාඩම ඇසුරින් පහත පැවරුම් සම්පුර්ණ කරන්න.
- පැවරුම් 01
පරිගණකයක් සෑදී ඇත්තේ දෘඩාංග ,ස්ථීරාංග සහ මෘදුකාංග යන අංග වලිනි.
- පහත පද හඳුන්වන්න.
- දෘඩාංග
- ස්ථීරාංග
- මෘදුකාංග
පරිගණකයට විදුලිය ලබා දීමේ සිට එහි තිරය දිස්වීම දක්වා ක්‍රියාවලිය boot ලෙස හැඳින්වේ.
- පරිගණකයක් boot වීමේදී සිදුවන ක්‍රියාවලි පිළිවෙලින් ලියන්න.
ඉහත ඔබ පහදන ලද මෘදුකාංග කාණ්ඩ කිහිපයකට පරිදි වර්ගීකරණය කළ හැක.
- උපයෝගිතා මෘදුකාංග කිහිපයක් හඳුන්වන්න.
- භාෂාා පරිවර්තක ආකාර 03 ලියන්න.
- ඔබ බහුලව භාවිතා කරන යෙදුම් මෘදුකාංග 06 ක් ලියන්න.
පරිශීලක හා පරිගණක දෘඩාංග අතර සම්බන්ධතාවය ඇති කරනු ලබන්නේ මෙහෙයුම් පද්ධතියයි.
- බහුලව දැකිය හැකි මෙහෙයුම් පද්ධති වර්ග ලියන්න.
- ක්‍රියාතාරීත්වය අනුව මෙහෙයුම් පද්ධති වර්ග 4 කට කාණ්ඩ කරණූ ලැබේ. ඒවා මොනවාද? උදාහරණ සහිත ව සඳහන් කරන්න.
මෙහෙයුම් පද්ධතියකින් ඉටුවන කාර්යයන් ප්‍රධාන වශයෙන් 02 කි.
- දෘඩාංග පාලනය
- පරිශීලක අතුරුමුහුණතක් ලබාදීම
- දෘඩාංග පාලනයේ ආකාර 06 සඳහන් කරන්න.
දෘඩාංග පාලනයේ ආකාර අධ්‍යනය කර පහත ප්‍රශ්න සඳහා පිළිතුරු සපයන්න.
- ක්‍රියාවලියක් යන්න හඳුන්වන්න.
- උපාංග පාලනය සඳහා මෙහෙයුම් පද්ධතිය මඟින් යොදාගන්නා වැඩසටහන කුමක් ද?
- ගොනුවකට ප්‍රවේශ වීම සඳහා මෙහෙයුම් පද්ධතිය මඟින් යොදාගන්න පිවිසුම් ආකාර 02 කුමක්ද?
- වලාකුළු පරිගණනය යන්න හඳුන්වන්න.
මෙහෙයුම් පද්ධතිය මඟින් ඉටුකර ගැනීමට අවශ්‍ය කාර්යයන් පහසුවෙන් හා සරලව ඉටුකරදීම මිත්‍රශීලී අතුරුමුහුණතකිිිින් සිදුවේ.
- පරිශීලක අතුරුමුහුණත් ආකාර 02 ලියන්න.
- GUI හි ප්‍රධාන සංරචක 4 කුමක්ද?
පරිගණකයේ දෘඩාංග කොටස් සමඟ කටයුතු කරමින් පරිගණකයේ සම්පත් කළමනාකරණයට සහාය වන වැඩසටහන් උපයෝගිතා වැඩසටහන් වේ.
- ඒවායින් ප්‍රධාන වු පහත වැඩසටහන් කෙටියෙන් පහදන්න.
- පංගු බෙදීම
- ආකෘතිකරණය
- ප්‍රතිභාගීකරණය
පරිගණකයක දත්ත තැන්පත් කිරීම සඳහා ගොනු භාවිතාවේ. ගොනුවක ගොනු නාමය හා දිගුව ලෙස කොටස් දෙකකි.
- විවිධ වර්ගයේ ගොනු දිගු සඳහා උදාහරණ 08 ක් දෙන්න.
Comments
Post a Comment